අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාය යෑමෙන් අවතැන්වූවන්ට ඉන්දීය ආධාර

    නොවැම්බර් 11, 2014

    පසුගිය (29)දා කොස්ලන්ද මීරියබැද්ද ප‍්‍රදේශයේ දි සිදුවූ නාය යාමෙන් අවතැන්වූ ජනතාව වෙත රුපියල් මිලියන 5ක හදිසි මානුෂීය ආධාර ලබාදීමට ඉන්දීය රජය කටයුතු කරයි.


    මේ වැඩපිළිවෙළ යටතේ අවතැන්වූවන්ට අවශ්‍ය වන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ තොගයක් ඊයේ (10) ශී‍්‍ර ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ඒ. නටරාජන් මහතා විසින් ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා වෙත ලබාදීමට කටයුතු කළේය.


    මෙම ද්‍රව්‍ය ශී‍්‍ර ලංකාවේ රජයේ නිලධාරීන්ගේ අදහස් අනුව අවතැන්වූ ජනතාවගේ හදිසි අවශ්‍යතා අනුව හඳුනාගත් ක්ෂේත‍්‍රයන් ඔස්සේ දේශීයව මිලදී ගත් ඒවා වන අතර ඊට කුඩා හා මධ්‍ය ප‍්‍රමාණයේ විදුලි උත්පාදක යන්ත‍්‍ර, වතුර පොම්ප, ට‍්‍රැක්ටර් ආදිය ද ඇතුළත් වේ.

    මෙම ආධාරවලට අමතරව ශී‍්‍ර ලංකා රජයේ නිර්දේශයන්ට අනුකූලව මෙම ප‍්‍රදේශයේ විපතට පත් ජනතාව වෙනුවෙන් නව නිවාස සකස් කර දීමට ඉන්දියාව අපේක්ෂා කරන බව ද මෙහිදී අනාවරණය විය.

    NDH/priu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya