අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය හා ජපානය අතර එකඟතා රැසක්

    නොවැම්බර් 09, 2014
    චීන රාජ්‍ය මණ්ඩල සාමාජික යාං ජේ චී ජපාන ජාතික ආරක්ෂක කාර්යාංශ ප්‍රධානී Shotaro Yachi  (7) බීජිංහිදී මුණ ගැ‍සිණ. 
     
    එහිදී චීනය සහ ජපානය අතර සබඳතාව සම්බන්ධයෙන් ඔවුහු එකඟතා හතරකට එළඹුණහ.
     
    චීනය හා ජපානය අතර එළඹුණු දේශපාලන ලේඛන හතරක මූලධර්ම හා චින්තන පදනම් කර ගෙන දෙරටේ ක්‍රමෝපායීය අන්‍යෝන්‍ය යහපත් සබඳතාව අඛණ්ඩව ඉදිරියට ගෙන යාම එහිදී ඇති කර ගත් පොදු එකඟතාවකි. 
     
    එමෙන් ම ඉතිහාසය නිවැරදි ව සලකා අනාගතය හමුවේ දේශපාලන මතභේද පසෙකලා එකඟතා වෙනුවෙන් එකතු වීමද පොදු අපේක්ෂාවකි.
     
    චීනයේ තිඕ යූ දූපත ඇතුළු නැගෙනහිර මුහුදු කලාපය පිළිබඳ වෙනස් අදහස් සංවාදයට ලක් කරමින් සාකච්ඡා මඟින් අර්බුදයන් වැළැක්වීමේ පද්ධතිය ස්ථාපිත කිරීම එහි තුන් වැනි එකඟතාවයි. ද්විපාර්ශවික හා බහු පාර්ශවික ක්‍රියාදාමය හරහා දේශපාලන, රාජ්‍යතාන්ත්‍රික සහ ආරක්ෂක සංවාද පුනරුත්ථාපනය කරමින් අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාසය යළිත් ගොඩනැඟීම පිළිඳව ද චීනය හා ජපානය එකඟ වී තිබේ. ඒ  අනුව චීනය හා ජපානය අතර එකඟතා රැසක් එහිදී ඇති කර ගනු ලැබීය.
     
    DB/CRI-CN

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya