අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පිරිසිදු ඉන්දියාවක් බිහි කිරීමේ වැඩසටහනට මෝදී එක් වේ

    නොවැම්බර් 09, 2014

    පිරිසිදු ඉන්දියාවක් බිහි කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ආරම්භ කළ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමා ඊයේ (08) ගංගා නදී තීරයේදී පිරිසුදු කිරීමේ වැඩසටහනකට සහභාගී වූ බව හින්දු පුවත්පත වාර්තා කරයි.


    හින්දු භක්තිකයන්ගේ පූජනීය ස්ථානයක් වන ගංගා නදිය පිරිසිදු කිරීම සඳහා නිර්මල ගංගා නමින් විශේෂ වැඩසටහනක් කි‍්‍රයාත්මක වන අතර උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ වාරණාසිහි පිහිටි ගංගා නදියේ මුවදොර පිරිසිදු කිරීම එහි එක් අදියරකි.


    විශේෂ ගංගා පූජාවකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම වැඩසටහනට සහභාගී විය.
     

    උත්තර් ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ මහ ඇමති යාදව් මහතා ද මෙම අවස්ථාවට එක් ව සිටියේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya