අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියාව හා යුරෝපය සමඟ සහයෝගීතා ප්‍රවර්ධනයට චීනය එක්වෙයි

    ඔක්තෝබර් 17, 2014

    ආසියාතික හා යුරෝපීය රටවල් සමඟ එක් ව සහයෝගීතා ප්‍රවර්ධනයට චීනය දායක වීමට කටයුතු යොදා ඇත.

    ඉතාලියේ මිලානෝ (Milano) නගරයේදී ඊයේ (16) පස්වරුවේ ආසියා-යුරෝපා නායකයන්ගේ 10 වන සමුළුව පැවැත්විණ. 


    චීන අග්‍රාමාත්‍ය ලී ක චෙං මහතා ද ඊට සහභාගී විය. ආසියා-යුරෝපා සහයෝගීතා ප්‍රවර්ධනය පිළිබඳ ව යෝජනා 3ක් එහිදී චීන අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කෙරිණ. එනම් ආසියා-යුරෝපා සාමය හා ස්ථාවරත්වය පොදුවේ ආරක්ෂා කළ යුතු බවත්, එමෙන් ම එහි අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය හා වෙළඳ ආයෝජන නිදහස් කරවීම වෙනුවෙන් ද පොදුවේ පෙනී සිටීමත්, මෙම කලාපයේ සංස්කෘතික හුවමාරු  හා සමාජ සංවර්ධනය විවිධ පාර්ශව‍යන් පොදුවේ ප්‍රවර්ධනය කළ යුතු බවත් එහිදී  ලී ක චෙං මහතා පෙන්වා දුන්නේ ය.


    මෙවර සමු‍ළුවේ තේමාව වූයේ වගකිව යුතු හවුල්කාරී සම්බන්ධතාවක් ගොඩනගිමින් අඛණ්ඩ වර්ධනය හා ආරක්ෂාවක් ඉදිරියට ගෙන යාම යන්නයි. ආසියා-යුරෝපා මූල්‍ය සහයෝගීතා, ජාත්‍යන්තර හා කලාපීය පොදු අවධානයට ලක් වූ ගැටලු පිළිබඳ ව ද එහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණ.


     ECB / cri-cn

    china2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya