අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැක සහිත පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ අධ්‍යයන වැඩසටහනක්

    ඔක්තෝබර් 17, 2014

    දිවයිනේ පළමු හා දෙවන පෙළ කොට්ඨාසවල පාසල් 67ක් අයත් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සඳහා අධ්‍යයන වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලැබීය.


    විනිශ්චයකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යවන ලද අන්තර් පාසල් තරගවලදී සැක සහිත පන්දු යැවීමේ ඉරියව් පෙන්වූ පන්දු යවන්නන් පිළිබඳ වාර්තාව සැලකිල්ලට ගනිමින් බොහෝ පාසල් පොදුවේ මුහුණ දෙන මෙම ගැටලුව මූලික කරගනිමින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

    ක්‍රීඩාවේදී සෑම පාර්ශවයක් ම මුහුණ දෙන සැකසහිත පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ හේතු කාරණා විමසා පන්දු යැවීමේ ශිල්පීයක්‍රම පිළිබඳ මනා අවබෝධයක් මෙම වැඩමුළුවේදී සහභාගීවූවන්ට ලබා දීමට කටයුතු කර ඇත.  

     

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සපයන ලද දඟ පන්දු යවන්නන් 60කට සහ වේග පන්දු යවන්නන් 25කට ආසන්න සංඛ්‍යාවකගේ සැක සහිත පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ නවතම වාර්තාවට අනුව වැඩමුළුව සංවිධානය කිරීම හේතුවෙන් අදාළ ඉරියව්ව නිවැරදි කරගැනීමට මෙම වැඩමුළුව පිටුවහලක් වූ බව පෙනුණි.

     

    මෙම වැඩමුළුවේ සාර්ථකත්වයට සහය වූ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ විනිශ්චයකරුවන්ගේ විනිශ්චයන් නිවැරදිව වාර්තා කිරීම ප්‍රශංසාවට ලක් කළ යුතු කරුණකි.

     

    SDF

    work shop SLC1

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya