ඔක්තෝබර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

    ඔක්තෝබර් 27, 2024

    ශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ඊයේ(26) පැවති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරඟය කඩුලු 8 කින් ජය ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

    ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර එක් කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටිනවිට තරඟයට වර්ශාවෙන් බාධා එල්ල වුණා.

    ඒ අනුව යළිත් පැය කිහිපයකට පසුව තරඟය පන්දුවාර 23 කට සීමා කරමින් ආරම්භ වූ අතර සිය පන්දුවාර 23 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් දැවී ලකුණු 156 ක් ලබාගත්තා.

    ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා කොදෙව් කණ්ඩායමට හිමිවූ ඉලක්කය ලකුණු 195 ක්.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි කෙදෙව් කණ්ඩායම 22 වන පන්දුවාරයේදී කඩුලු 2 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

    තරඟ 3 කින් සමන්විත එක්දින තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya