ඔක්තෝබර් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තරඟයක් ඉතිරිව තිබියදීත් එක්දින තරඟාවලිය ජයගනී

    ඔක්තෝබර් 24, 2024

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ(23) පැවති දෙවන එක්දින තරඟය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

    ඒ අනුව තරඟ 3කින් සමන්විත එක්දින තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

    තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු වෙන් පන්දුවට පහරදීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 36 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකණු 189 ක් ලබා ගත්තා.

    පන්දුවට පහරදීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Sherfane Rutherford ලකුණු 80 ක් හා Gudakesh Motie නොදැවී ලකුණු 50 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හරසංග කඩුලු 4 ක් හා මහීෂ් තීක්ෂණ හා අසිත ප්‍රනාන්දු කඩුලු 3 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

    ඒ අනුව තරඟයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 35 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා. පන්දුවට පහරදීමේදී නිෂාන් මදුෂ්ක හා සධීර සමරවික්‍රම ලකුණු 38 බැඟින් සහ නොදැවී පන්දුවට පහරදුන් චරිත් අසලංක ලකුණු 62 ක් ලබා ගැනීමට සමත් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya