ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැප්තැම්බර් මස ක්‍රීඩකයා සම්මානයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දෙදෙනෙක් නිර්දේශ වෙයි

    ඔක්තෝබර් 08, 2024

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තෝරාගනු ලබන සැප්තැම්බර් මසට අදාළ විශීෂ්ඨතම දස්කම් දැක්වූ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු නිර්දේශ වී තිබෙනවා.

    තුන් ඉරියව් ක්‍රීඩක කමිදු මෙන්ඩිස් සහ වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය එලෙස නිර්දේශ වී සිටින ක්‍රීඩකයෝ දෙදෙනා බවට පත්ව සිටිති.

    අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවක් මගින් සිදුකරනු ලබන ඇගැයීමකින් පසුව මාසයේ දක්ෂතම ක්‍රීඩකයා තෝරා ගැනීම සිදුකරනු ලබයි.

    ඒ අනුව මේ දක්වා තමන් ක්‍රීඩා කරන ලද ටෙස්ට් තරග 8 දීම අර්ධ ශතක ලබා ගනිමින් ටෙස්ට් ඉනිම 13 කදී ලකුණු 1000 සීමාව කඩඉම පසු කළ කමිඳු නවසීලන්ත පිලට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සතුව පැවැති වාර්තාවක්ද සම කිරීමට සමත්වූවේය. තමන් ක්‍රීඩා කරන ලද 13 වැනි ටෙස්ට් ඉනිමේදී 1000 වැනි ටෙස්ට් ලකුණ සම්පූර්ණ කර ගත් කමිදු වසර 75 කින් පෙමිටින් එවන් දස්කමක් දක්වන ලද පළමු ක්‍රීඩකයා වීමේ භාග්‍යයද උදා කර ගත්තේය.

    මේ අතර නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරග 2 දී නවසීලන්ත ඉනිමේ දැවී ගිය කඩුලු 40 න් කඩුලු 18 ක් තමන් සතු කර ගත් ප්‍රභාත් ජයසූරියද එම තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තේය. ඔහුගේ දක්ෂතාව නිසාම ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට අවස්ථාව උදා විය.

    මොවුන් දෙදෙනා හැරුණු විට ඔස්ට්‍රේලියානු පිලේ තන් ඉරියව් ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් ද මෙම විශිෂ්ඨතයින්ගේ ලැයිස්තුවට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයා වන්නේය. ඔහු ස්කොට්ලන්තයට සහ එංගලන්තයට එරෙහි පැවැති තරගාවලිවලදී පිතිකරුවකු ලෙස ලකුණු 430 ක් සහ කඩුලු 6 ක් දවා ගනිමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ අවධානයට පාත්‍ර වූවේය.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya