සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු ශූරියන් වී රටට ගෞරවයක් ලබාදීමට හැකිවීම සතුටක් – චමරි අතපත්තු

    ජූලි 29, 2024

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ක්‍රීඩා කළ ආකාරයෙන් උපරිම දක්ෂතා දක්වන්නේ නම් ලොව ඕනෑම කණ්ඩායමක් පරාජයට පත් කිරීමේ හැකියාව ඇතැයි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු, ඊයේ(28) අවසන් වූ කාන්තා ආසියානු කුසලාන තරඟාවලියෙන් පසු අදහස් දක්වමින් පැවසුවාය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා නායිකාව කාන්තා ආසියානු ක්‍රිකට සූරතාව දිනා ක්‍රීඩා ලෝලීනට සතුටක් මෙන්ම රටට ගෞරවයක් ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳව ද සතුටු වන බව ද සඳහන් කර සිටියාය.

    “වත්මන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පළපුරුදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් මෙන්ම තරුණ ක්‍රීඩිකාවන් ද ඉතාමත් දක්ෂයි. අප උපරිම දක්ෂතා දැක්වුවහොත් ඕනෑම කණ්ඩායමක් පරාජය කිරීමේ හැකියාව ඇති බව අවසාන තරගයේ දී ජගත් ක්‍රිකට් ක්ෂේත්‍රයටම පෙන්වීමට හැකියාව ලැබුණා“ යැයිද චමරි අතපත්තු වැඩිදුරටත් සඳහන් කළාය.

    දෙවන කඩුල්ල ලෙස දැවී ගිය අවස්ථාවේ කණස්සල්ලකින් පසු වුයේ මන්දැයි විමසු විට චමරි සඳහන් කර සිටියේ මෙලෙසිනි. “මා තව ලකුණු 20 – 30ක් එක්කර දුන්නා නම් කණ්ඩායමේ තරුණ ක්‍රීඩිකාවන් ඉතිරි ලකුණු ලබා ගන්නා බව මා දැන සිටියා. මගෙන් එම අවස්ථාව ගිළිහී යාම ගැනයි මා කණගාටුවට පත් වුයේ“ යනුවෙනි.

    ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා පහසුවෙන්ම ගෙන යාමට තෙවන කඩුල්ලට හර්ෂිතා සමරවික්‍රම (නොදැවී 69) සහ කවීෂා දිල්හාරි (නොදැවී 30) එක්ව පන්දු 40ක දී නොදැවී ලකුණු 73ක් රැස් කළ ආකාරය දුටු තමා පවා මවිතයට පත් වූ බව ද මෙහිදී ශ්‍රී ලංකා නායිකාව ප්‍රකාශ කළාය.

    ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අයත් වන්නේ ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව සහ පාකිස්තානය ද අයත් ප්‍රබලම කොටසකට බව පවසන චමරි අතපත්තු එම තරගාවලියේ දී ද රටට ගෞරවයක් ගෙන ඒමට අපේක්ෂා කරන බව ද තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීනට විශේෂ ස්තුතියක් කළ ශ්‍රී ලංකා නායිකාව ක්‍රීඩාංගණය පිරෙන්නටම ප්‍රේක්ෂක ජනතාව පැමිණ අපව දිරිමත් කිරීමට ඔවුන් දැක් වු සහයෝගය කුසලානය දිනා ගැනීමට විශාල අත්වැලක් වූ බව ද ප්‍රකාශ කළාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya