සැප්තැම්බර් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙවන විස්සයි-20 තරඟයත් ඉන්දියාව ජයගනී

    ජූලි 29, 2024

    සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ(28) පැවති දෙවන විස්සයි-20 තරඟය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 7 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

    තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 161 ක් ලබා ගත්හ. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා ලකුණු 54 ක් හා පැතුම් නිස්සංක ලකුණු 32 ක් ලබා ගැනීමට සමත් විය.

    පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Ravi Bishnoi කඩුලු 3 ක් හා Arshdeep Singh හා Hardik Pandya කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වූහ.

    ඉන්දීය කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී තරඟයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරඟය පන්දුවාර 8 කට සීමාවී ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලැබුණු ඉලක්කය ලකුණු 78 ක්. ඒ අනුව ඉන්දීය කණ්ඩායම පන්දුවාර 6 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය.

    දෙවන තරඟයේ ජයග්‍රහණයත් සමඟ තරඟාවලියේ තවත් තරඟයක් ඉතිරිව තිබියදීම 2-0ක් ලෙස තරඟාවලිය ජයගනිමින් පෙරමුණ ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya