සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දඹුල්ල කණ්ඩායමට නව හිමිකාරිත්වයක්

    ජූනි 06, 2024

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කරනු ලබන දඹුල්ල කණ්ඩායමේ හිමිකාරිත්වය සඳහා ප්‍රමුඛ පෙළේ සිවිල් ඉංජිනේරු උපදේශන සමාගමක් ඉදිරිපත්ව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.



    කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හි පිහිටි Sequoia Consultants, Inc සමාගම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දඹුල්ල කණ්ඩායමේ අනාගතය භාරගැනීමට ඉදිරිපත්ව ඇති ආයතනය වේ. ඒ අනුව මහෙි සියලු කාර්යයන් මේ වෙනුවෙන් විශේෂයෙන්ම පිහිටුවා ඇති ද සිල්වා හෝල්ඩිංග්ස් යටතේ ක්‍රියාත්මක වනු ඇත.

    Sequoia Consultants හි බහුතර කොටස් හිමිකාරීත්වය දරන්නේ Sequoia Consultants, Inc හි ප්‍රධාන විධායක නිලධාරී සහ සභාපතිවරයා වන වරලත් සිවිල් ඉංජිනේරුවරයෙකු වන ප්‍රියංග ද සිල්වා මහතාටය.

    හිටපු පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ද සිල්වා 1983 වසරේ ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කර ඇති අතර දැනට එක්සත් ජනපද මාස්ටර් අවුරුදු 60 ට වැඩි ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරයි.

    ඔහු දක්ෂිණ කැලිෆෝනියා යොවුන් ක්‍රිකට් සංගමයේ ස්වෙච්ඡා පුහුණුකරුවකු ලෙස කටයුතු කරන අතරම ඇමරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ තවත් ව්‍යාපාර කිහිපයකම හිමිකාරීත්වය දරනු ලබයි.

    “විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීමට මට ඇති ආශාව නිසාම මම දඹුල්ල සික්සර්ස් කණ්ඩායම මිලදී ගැනීමට මා පෙළැඹුණා“ යැයි ද සිල්වා මහතා පවසයි. “පසුගිය වසර හතර තුළ LPL තරගාවලිය ලීගයක් ලෙස වර්ධනය වන බව මම දුටුවා. එය අප වැනි කුඩා රටකට ප්‍රශංසනීයයි. මෙම වර්ධනයේ කොටස්කරුවෙකු වී අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවට දායක වීමට හැකිවීම ගැන මම සතුටට පත්වෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.

    මෙම නව ගැණුම්කරුවා සමඟම දඹුල්ල කණ්ඩායම මින් ඉදිරියට දඹුල්ල සික්සර්ස් නමින් හඳුන්වනු ඇත.

    “Sequoia Consultants’ වැනි සමාගමක් කණ්ඩායමේ හිමිකරුවෙකු ලෙස සිටීම ගැන අපි අතිශයින් සතුටු වන අතර, එය තරඟාවලියට සහ එහි අනාගතයට සුබදායක වනු ඇතැයි මට විශ්වාසයි,” LPL හි තරඟාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

    IPG Sports හි ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ අනිල් මොහාන් මහතා පැවසුවේ “නව හිමිකරු දඹුල්ල සික්සර්ස් සඳහා අවශ්‍ය ස්ථාවරත්වය ගෙන එන අතර නව හිමිකරුගේ පැමිණීම බලයට විශාල වෙනසක් සිදු කරනු ඇතැයි මට විශ්වාසයි.

    පස්වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 1 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එය මහනුවර, දඹුල්ල සහ කොළඹ යන නගර තුනකදී පැවැත්වීමට නියමිතය.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya