නොවැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනය හා ඉන්දියාව අතර දේශසීමා තත්ත්වය ඵලදායක ලෙස පොදුවේ පාලනය කිරීමට පියවර

    සැප්තැම්බර් 29, 2014

    චීනය හා ඉන්දියාව දේශසීමා ප්‍රදේශයේ තත්ත්වය ඵලදායක ලෙස පොදුවේ පාලනය කර ගැනීමට සමත් වී ඇති බව චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රවෘත්ති ප්‍රකාශක Geng Yan sheng මහතා පැවසීය.


    චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රවෘත්ති ප්‍රකාශක Geng Yan sheng මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි. 


    මෙහිදී චීන ජාතිකාරක්ෂක අමාත්‍යාංශ ප්‍රවෘත්ති ප්‍රකාශක Geng Yan sheng මහතා පැවසුවේ, මෑත දිනවල චීන - ඉන්දීයා දේශසීමා ප්‍රදේශයේ දෙපාර්ශවයන් ප්‍රතිවිරුද්ධව සිටීමේ තත්ත්වයක් සිදු ව ඇති බවයි. ඒ අනුව දෙපාර්ශවයන් සංවාද හා සාකච්ඡා පැවැත්වීම මගින් ප්‍රශ්න විසඳා ගැනීම තුළින් පොදුවේ කළමනාකරණය හා පාලනය කළ යුතු බවයි.


    Geng Yan sheng මහතා එහිදී ප්‍රකාශ කළේ, චීන ජනාධිපති ශි චිං පිං මැතිතුමාගේ ඉන්දියානු සංචාරයේදී යළි අවධාරණය කළේ, දේශසීමා ප්‍රශ්නය විසඳීමට කළින් චීන - ඉන්දියා දෙපාර්ශවයන් එහි සාමය හා සුසංයෝගය පොදුවේ ආරක්ෂා කරන බවයි.



    චීන - ඉන්දියානු දේශසීමා ප්‍රශ්නය සහයෝගයෙන් කටයුතු කර ගැනීමට දෙපාර්ශවයට විශ්වාසයක් ඇති බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.


    ECB/ Hao Lifang (cri.cn)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya