අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඕස්ට්‍රේලියානු 19න් පහළ පිලේ ශ්‍රී ලංකා සංචාරය: දෙවන තරගය අතහැර දැමේ

    සැප්තැම්බර් 28, 2014

    ඔස්ට්‍රේලියානු අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන සිය ශ්‍රී ලංකා සංචාරයේ දෙවන තරගය ඊයේ (27) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එක ම පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දැමීමට සිදුවිණි.

     

    එක් දින තරග පහකින් සමන්විත තරගාවලියේ පළමු තරගය පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ එස්එස්සී ක්‍රීඩාංගණයේ පැවැත්වුණු අතර එය ද ඔස්ට්‍රේලියානු ඉනිමට පමණක් සීමා විය. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා පිල පන්දුවාර 49.5ක දී සියලු දෙනා දැවී  ලකුණු 221ක් ලබා ගෙන තිබූ අතර අයහපත් කාලගුණය නිසා තරගය නතර කිරීමට සිදුවිය. මැතිව් රෙන්ෂෝ ලකුණු 73ක් ලබාගත්තේ හතරේ පහර 6ක් හා හයේ පහර 2ක් ද සමඟිනි.

     

    මෙම තරගයේ දී ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ නායක චාමික කරුණාරත්න පන්දු වාර 9.5කදී ලකුණු 32කට කඩුලු 4ක් බිඳ හෙළීය. දමිත සිල්වා ද කඩුලු 3ක් දවා ගන්නා ලදී.

    මෙම සංචාරයේ දී පැට්රික් මැක්කෙන්නාගේ නායකත්වයෙන් යුතු ඕස්ට්‍රේලියා 19න් පහළ පිල සහ කොළඹ රාජකීය විදුහල් පිලේ නායකයා වන චාමික කරුණාරත්නගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 19න් පහළ පිල එක්දින තරග පහකට සහ තෙදින තරගයකට සහභාගී වීමට නියමිතය.

     

    ඔස්ට්‍රේලියානු පිලේ පුහුණුකරු වන හිටපු එංගලන්න ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ග්‍රෙහැම් හික් සහ කණ්ඩායම් කළමනාකරු වන ඕස්ට්‍රේලියානු හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ග්‍රෙග් චැපල් සංචාරයට එක් ව සිටින අතර ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පිලේ හිටපු ටෙස්ට් ක්‍රීඩක රොජර් විජේසූරිය ද කණ්ඩායම් කළමනාකරු ලෙස රවින් වික්‍රමරත්න ද කටයුතු කරති.

     

    ඉදිරි තරග:

    සැප්: 29 -     තෙවන එක්දින තරගය - Tamil Union Cricket and Athletic CC

    ඔක්: 01 -     සිව්වන එක්දින තරගය - Colombo Cricket Club

    ඔක්: 03 -     පස්වන එක්දින තරගය - Nondescript Cricket Club

    ඔක්: 07-09    තුන්දින තරගය - Colombo Colts Cricket Club


    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya