අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහ ඇමති ජයලලිතා හිරගෙට - කෝටි 100ක දඩයක්

    සැප්තැම්බර් 27, 2014

    වත්කම් අයථා ලෙස උපයා ගැනීම ගැන වරදකාරිය වෙයි

     

    ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ජයලලිතා ජයරාම් මහත්මියට වසර හතරක සිර දඬුවම් සමඟ ඉන්දීය රුපියල් කෝටි 100ක දඩයක් බැංගලෝරයේ විශේෂ අධිකරණය අද (27) තීන්දු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

     

    අයථා ලෙස උපයාගත් වත්කම් සම්බන්ධයෙන් පැවරූ නඩුවක් ජයලලිතා මහත්මියට එරෙහිව වසර 18ක සිට විභාග වූ අතර ඉන්දියාවේ 1988 දුෂණ වැළැක්වීමේ පනත යටතේ එම නඩුවේ තීන්දුව ඇය වරදකාරිය කරමින් විනිසුරු ජෝන් මයිකල් කුන්හා විසින් අද නිවේදනය කරන ලදී. කර්නාටක බැංගලෝරයේ පරප්පන අග්‍රහාරහි මධ්‍යම සිර කඳවුර ඉදිරිපිට පිහිටි ගාන්ධි භවන්හි සිට විශේෂ ආරක්ෂක රැකවරණ සහිතව අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

     

    ඒඅයිඒඩීඑම්කේ පක්ෂයේ මහ ලේකම් තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ජයරාම් මහත්මියට එරෙහි ව මෙම නඩුව 1996 දී පවරණ ලද අතර එමඟින් 1991 සිට 1996 දක්වා කාලපරිච්ඡේදයේ දී ඉන්දීය රුපියල් කෝටි 66.5ක වත්කම් අයථා ලෙස උපයා ගැනීම පිළිබඳ ව චෝදනා කර තිබුණි.

     

    මෙම නඩුවේ අනෙක් චුදිතයන් වූ වී.කේ. සසිකලා (V.K. Sasikala), වී.එන්. සුධාකරන් (V.N. Sudhakaran), සහ ජේ. ඉලවරාසි (J. Ilavarasi) යන අය ද අදාළ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කළ අතර ඔවුන්ට වසර 4 බැගින් සිර දඬුවම් සහ රුපියල් කෝටි 10ක දඩයක්ද පනවනු ලැබීය.

     

    අද ලබාදුන් මෙම තීන්දුව නිසා ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ධූරය ද ජයලලිතා ජයරාම් මහත්මියට අහිමිවන බව ද ඉන්දීය මාධ්‍ය පවසයි. ජයලලිතා මහත්මියට වසර 10ක් දක්වා දේශපාලනයේ නිරත වීමට ද මෙම තීන්දුව නිසා නොහැකිවන අතර මේ තීන්දුව සම්බන්ධයෙන් අභියාචනා කිරීමේ අයිතිය ඇයට ඇති බව ද ඉන්දීය මාධ්‍ය පවසයි.

     

    චෙන්නාහි දී මෙම නඩුව ඇසීම අපක්ෂපාතීව සිදු කළ නොහැකි බවට ඩීඑම්කේ පක්ෂ නායක කේ. අන්බසාගන් මහතා විසින් කළ පැමිණිල්ල නිසා 2003 දී මෙම නඩුව චෙන්නායි සිට බැංගලෝර් විශේෂ අධිකරණය වෙත මාරු කරන ලදී.

     

    නඩු තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් පසු ව ජයලලිතා මහත්මිය තමාට වෛද්‍යධාර අවශ්‍ය බවට ඉල්ලීමක් කර තිබේ. අද නඩුවේ තීන්දුවෙන් ජයලලිතා මහත්මිය වරදකාරිය වීමෙන් පසු තමිල්නාඩු ප්‍රාන්තය තුළ දේශපාලන අස්ථාවර තත්ත්යක් උද්ගත ව ඇති බව ද ජයලලිතාගේ ආධාරකරුවන් විරෝධතා දක්වන බව ද වාර්තා වේ. තමිල්නාඩුවේ හිටපු මහ ඇමති එම්. කරුණානිධිගේ නිවස ඉදිරිපිට ද ජයලලිතාගේ ආධාරකරුවන් විරෝධතා දක්වා ඇතැයි පැවසේ.

     

    ආණ්ඩුකාර කේ. රොසයියා (K. Rosaiah) මහතා තමිල්නාඩු ප්‍රාන්තයේ නීතිය හා සාමය ආරක්ෂා කරන ලෙස ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට නියෝග කර තිබෙන බව ද වාර්තා වේ.

     

    මෙම තීන්දුවට එරෙහිව ජයලලිතාගේ ආධාරකරුවන් විවිධ විරෝධතාවල යෙදෙන අතර කරුණානිධිගේ පඹයෙක් පුළුස්සා දමා ඇති අතර කාන්චිපුරම්, කම්මලපාලයම්හි බස්රථයකට ද ගිනි තබා ඇත.

     

    HC

     

    bus  was set on fire at Kammalapalayam in Kancheepuram

     

    Silver articles and gold ornaments found at Ms. Jayalalithaas residence in 1997

    ජයලලිතාගේ නිවසින් 1997 දී සොයාගත් රන් රිදී බඩුභාණ්ඩ

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya