අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලකුණු 72 ක විශිෂ්ට ජයත් සමගින් ශ්‍රී ලංකාව T20 තරඟාවලියත් ජයගනී

    පෙබරවාරි 20, 2024

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති විස්සයි විස්ස තරගාවලියේ දෙවන තරගය ලකුණු 72 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(19) සමත් වුණා.



    තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 187 ක් ලබා ගත්තා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 25 ක්, වනිඳු හසරංග ලකුණු 22 ක් හා සධීර සමරවික්‍රම ලකුණු 51 ක් හා නොදැවී පන්දුවට පහරදුන් ඇන්ජලෝ මැතිවුස් ලකුණු 42 ක් හා ලබා ගැනීමට සමත් වුණා.

    පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Azmatullah Omarzai කඩුලු 2 ක් හා Mohammad Nabi කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 17 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 115 ක් පමණයි. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩාම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2 ක්, බිනුර ප්‍රනාන්දු කඩුලු 2 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    ඒ අනුව තරග 3 කින් යුත් පන්දුවාර විස්සයි විස්ස තරගාවලිය එක් තරගයක් ඉතිරිව තිබියදී ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් තරඟයේ වීරයා ලෙස නම් කෙරිණි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya