අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇෆ්ගනිස්ථානය පරදවමින් ශ්‍රී ලංකාවට විශිෂ්ට තරඟාවලි ජයක්

    පෙබරවාරි 15, 2024

    සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තුන්වන හා අවසන් එක්දින තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(14) සමත් වුණා.


    තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 49 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 266 ක් පමණි.

    පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Rahmat Shah ලකුණු 65 ක්, Azmatullah Omarzai ලකුණු 54 ක් හා Rahmanullah Gurbaz ලකුණු 48 ක් සමත් වුණා. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රමෝද් මදුෂාන් කඩුලු 3 ක්, අසිත ප්‍රනාන්දු, දුනිත් වෙල්ලාලගේ සහ අකිල ධනංජය කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 35 වන පන්දුවාරයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 267ක් ලබා ගනිමින් තරඟයේ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 91ක් හා විශිෂ්ට ලෙස පන්දුවට පහරදුන් පැතුම් නිස්සංක ලකුණු 118 ක් ලබා ගැනීමට සමත් වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 40 ක් ලබා ගත්තා.

    ඒ අනුව තරග 3 කින් සමන්විත වූ එක්දින තරඟාවලිය තරග 3-0 ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. අවසන් තරඟයේ සහ තරඟාවලියේ වීරය බවට පැතුම් නිස්සංක නම් කෙරුණා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya