අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    19න් පහළ යොවුන් ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට

    පෙබරවාරි 12, 2024

    දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් පැවති 15 වැනි 19න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව ඊයේ(11) සමත් විය.

    බෙනෝනිහිදී පැවති අවසන් මහ තරගයේදී ඉන්දියාව ලකුණු 79කින් පරාජයට පත් කරමින් ශූරතාව දිනා ගැනීමට  සිවුවැනි වරටත් ඔස්ට්‍රේලියාවට හැකිවීම විශේෂත්වයක්. ඉන්දියාව අනුශූරයන් වූයේ සිවුවැනි වරටය.

    ශ්‍රී ලංකා පිළ දෙවන කාණ්ඩාය් 5වන ස්ථානයට පත්වෙමින් මෙවර තරඟාවලිය නිමා කරන ලදි.

    අවසන්  තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් ඔස්ට්‍රේලියාව දුන් ලකුණු 254ක ඉලක්කය හමුවේ ඉන්දීය පිළට ඕවර 43.5කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 174ක් පමණි.

    ලකුණු 47ක් රැස් කළ ආදර්ශ් සිං ඉන්දීය පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අතර, මුරුගන් අභිෂේක් ලකුණු 42ක් සහ මුෂීර් ඛාන් ලකුණු 22ක් ඉනිමට එක් කළහ. ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව පසු කිරීමට අවස්ථාවක් නොලැබිණි. පන්දු යැවීමේදී මහලී බෙයර්ඩ්මන් සහ රෆ් මැක්මිලන් කඩුලු 3 බැගින් බිඳ දැමූ අතර, කැලම් විඩ්ලර් කඩුලු 2ක් දවා ගත්තේය.

    මේ තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු ඉනිමේ සාර්ථකම පිතිකරු වූ ඉන්දීය සම්භවයක් සහිත හර්ජාස් සිං ලකුණු 55ක් රැස් කළේ පන්දු 43කදී හතරේ සහ හයේ පහර 3 බැගින් එල්ල කරමිනි.

    නායක හියු විඩේග් ලකුණු 48ක්, හැරී ඩික්සන් ලකුණු 42ක් සහ ඔලිවර් පීක් නොදැවී ලකුණු 46ක් ඉනිමට එක් කළහ. පන්දු යැවීමේදී රාජ් ලිම්බානි කඩුලු 3ක් සහ නාමන් තිවාරි කඩුලු 2ක් දවා ගත්හ.

    ඔස්ට්‍රේලියා 19න් පහළ පිල – 253/7 (ඕවර 50) හර්ජාස් සිං 55, හියු විඩේග් 48, ඔලිවර් පීක් නොදැවී 46, හැරී ඩික්සන් 42 (රාජ් ලිම්බානි 38/3, නාමන් තිවාරි 63/2)

    ඉන්දීය 19න් පහළ පිල – 174 (ඕවර 43.5) ආදර්ශ් සිං 47, මුරුගන් අභිෂේක් 42, මුෂීර් ඛාන් 22 (මහලී බෙයර්ඩ්මන් 15/3, රෆ් මැක්මිලන් 43/3, කැලම් විඩ්ලර් 35/2)

     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya