අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවට ලකුණු 155 ක විශිෂ්ට ජයක් - තරඟාවලියත් කලින්ම ජයග

    පෙබරවාරි 12, 2024

    සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන එක්දින තරගය ලකුණු 155 කින් විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ(11) සමත් විය.


    කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 50 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 308 ක් ලබා ගැනීමට සමත් වුණා.

    පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක කුසල් මෙන්ඩිස් ලකුණු 61 ක්, සධීර සමරවික්‍රම ලකුණු 52 ක්, ජනිත් ලියනගේ ලකුණු 50 ක්, නොදැවී විශිෂ්ට ලෙස නොදැවී පන්දුවට පහරදුන් චරිත් අසලංක 97 ක් ලබා ගත්තා.

    පන්දු යැවීමේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම වෙනුවෙන් Azmatullah Omarzai කඩුලු 3 ක්, Fazalhaq Farooqi, Noor Ahmad, Qais Ahmad එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් විය.

    ලකුණු 309ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට පන්දුවාර 34 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 153 ක් පමණයි. ඇෆ්ගනිස්තානය එක් අවස්ථාවකදී කඩුලු 2කට ලකුණු 143ක් ලෙස තිබියදී අවසන් කඩුලු 8 ලකුණු 10කට දවා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වීමෙන් තරඟයේ ජය ඉතා පහසුවෙන් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පිළිට හැකි විය.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 4 ක්, ඩිල්ෂාන් මදුෂංක කඩුලු 2 ක්, අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් හා ප්‍රමෝද් මදුෂාන් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

    ඒ් අනුව තරඟ තුනකින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදී 2-0කින් ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වූවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya