අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බාල­දක්ෂ ව්‍යාපා­රයේ සාමා­ජි­ක­ත්වය 150000 තෙක් වැඩි කර­ගැ­නීම මේ වසරේ ඉල­ක්ක­යයි - බාල­දක්ෂ කොම­සා­රිස්

    ජනවාරි 09, 2024

    බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය 150000 දක්වා වර්ධනය කරගැනීම මේ වසරේ ඉලක්කය බව ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්,නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පැවසීය.

    ‘‘විනිවිදභාවය,එකමුතුකම සහ විවිධත්වය‘‘යන්න තේමා කර ගනිමින් නව වසර සඳහා රාජකාරී කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට ඉකුත්දා (03) එක්වෙමින් ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය. එම කාර්ය සාර්ථක කරගැනීමට බාලදක්ෂ ව්‍යාපාරය හා එක්ව සිටින සියලුදෙනා කැපවෙන්නැයි ප්‍රධාන කොමසාරිස්වරයා ඉල්ලා සිටියේය.

    පසුගිය කාලයේ බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම ඉහළට ගෙන ඒමට හැකි වූයේ ව්‍යාපාරය හා සම්බන්ධ සියලු දෙනාගේ කැපවීම හා උනන්දුව නිසා බව පැවසූ ඒ මහතා එම සහාය ඉදිරියටත් දෙන්නැයි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටින බව පැවසීය. එහිදී ප්‍රධාන කොමසාරිස්වරයා වැඩිදුරටත් මෙසේද පැවසීය. අද වන විට බාලදක්ෂ දිස්ත්‍රික්ක සියල්ලේම බාලදක්ෂ ව්‍යාපාරය සෑම අංශයකින්ම ප්‍රචලිත වෙමින් තිබෙනවා.දවසින් දවස බොහෝදෙනා අපි සමඟ එක්වෙමින් සිටිනවා.අපට මේ වසරේ ජයගත යුතු ඉලක්ක කීපයක් තිබෙනවා.ඒ අතර සාමාජිකත්වය ප්‍රවර්ධනය කරගැනීම, ගුණාත්මක භාවය රැක ගැනීම වගේම මේ වසරේ පැවැත්වෙන ජාතික ජම්බෝරිය සාර්ථකව පවත්වා ගැනීම වැනි කරුණු රැසක් තිබෙනවා. ජාතික ජම්බෝරිය හරහා සුවිශේෂී ජයග්‍රහණ රාශියක් ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරයට වගේම රටට අත්කරගත හැකියි.

    කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට වසර 110ක් පිරීම නිමත්තෙන් සකස් කළ ලාංජනය එම සංගමය විසින් ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාට ඇතුළු සහාය ප්‍රධාන කොමසාරිස්වරුන් සහ ජ්‍යෙෂ්ඨ කොමසාරිස්වරුන්ට මෙහිදි පැලැන්දුහ.

    නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්.එෆ්.එස් මුහීඩ්, ජාතික පුහුණු කිරීමේ කොමසාරිස්, කර්නල් පද්මලාල් පෙරේරා, ජාතික වැඩසටහන් කොමසාරිස් සරත් මාතරආරච්චි මහත්වරුන්, සහාය මූලස්ථාන කොමසාරිස්, මූලස්ථාන කොමසාරිස්වරුන්, සහාය මූලස්ථාන කොමසාරිස්වරුන් ඇතුළු බාලදක්ෂ නායකයන්, කාර්ය මණ්ඩලයේ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya