අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රි ලංකා - සිම්බාබ්වේ එක්දින තරඟාවලිය හෙට ඇරඹෙයි

    ජනවාරි 05, 2024

    සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියේ පලමු තරඟය හෙට(06) සවස 2.00ට  කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.



    දෙරට අතර එක්දින තරගාවලිය හෙට(06) සිට 11 වැනිදා දක්වා හා තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය මේ මස 14 වැනිදා සිට 18 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    ආබාධ තත්ත්වයෙන් පසු වෛද්‍ය උපදෙස් අනුව තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පළමු එක්දින තරග දෙකේදී ක්‍රීඩා නොකරන බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් ඔහුට තෙවැනි එක්දින තරගයේ සිට යළිත් ක්‍රීඩා කළ හැකි බව වෛද්‍ය නිර්දේශය ලැබී ඇත.

    ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ අතර මෙතෙක් ජාත්‍යන්තර එක්දින තරග 61ක් පවත්වා ඇති අතර, එයින් තරග 47ක ජය ශ්‍රී ලංකා පිල සතු වන අතර තරග 12ක් සිම්බාබ්වේ ජයගෙන තිබේ. ඊට අමතරව තරඟ 2ක් විසඳුමකින් තොරව නිමාවට පත්ව ඇත.

    ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අවසන් වරට එක්දින තරගයකදී හමුවූයේ අයිසීසී ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ක්ව්න්ස් පාක් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී සිම්බාබ්වේ පිල කඩුලු 9කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා පිල සමත් විය. සිම්බාබ්වේ කණ්ඩායම අවසන් වරට 2022දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාවට ජය හිමි විය. ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර ශ්‍රී ලංකාවේදී විස්සයි 20 තරගාවලියක් පවත්වන පළමු අවස්ථාව ද මෙය වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya