අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්දින නායකත්වය කුසල්ට - විස්සයි 20 වනිඳුට

    ජනවාරි 01, 2024

    ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කුසල් මෙන්ඩිස් සහ විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයට වනිදු හසරංග පත් කර තිබේ.


    සිම්බාබ්බේ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන 6 වැනිදා ආරම්භ වනවා. ඊට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා එක් දින සහ විස්සයි-20 මූලික සංචිත ප්‍රකාශයට පත් කර තිබේ.

    එක් දින සංචිතයට ක්‍රිඩකයින් 21 දෙනෙකු ඇතුළත් අතර එහි උප නායකයා ලෙස චරිත් අසලංක පත් කර ඇත. ඊට අමතරව විස්සයි-20 මූලික සංචිතයට ක්‍රීඩකයින් 22ක් ඇතුළත්.  එහි උපනායකත්වයද චරිත් අසලංකට හිමිව තිබෙනවා.  

    ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර ක්‍රිකට් තරගාවලියට එක් දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් ඇතුළත්.  එම සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya