අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එන්සීසී හා යුද හමුදාව ජය ලබද්දී තරග 5ක් විසදුමෙන් තොරව අවසන් වෙයි

    ජනවාරි 01, 2024
    රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගිය 30 වනදා පැවැති තරගවලදී එන්සීසී හා යුද හමුදාව ජය ලබද්දී තරග 5ක් විසදුමකින් තොරව නිමාවට පත්විය. අද පස්වරුවේ ඇද හැලුණ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම තරග විසදුමකින් තොරව නිමා කිරීමට සිදු විය.

    කෙසේ වුවද එස්එස්සි පිලේ නිපුන් ධනංජය පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව නොදැවී ලකුණු 103ක් ලබා දිනයේ එකම ශතකය වාර්තා කිරීමට සමත් වුවේය.

    එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජයේ දිනේෂ් චන්දිමාල්, බීආර්සී පිලේ දුල්ෂ උදයංග, එන්සීසී පිලේ ළහිරු උදාර, මුවර්ස් ක්‍රීඩා සමාජයේ කවිඳු කුලසේකර, රමේෂ් මෙන්ඩිස්, සීසීසී පිලේ නිමේෂ ගුණසිංහ, සොනාල් දිනූෂ හා බදුරලිය ක්‍රීඩා සමාජයේ අනුක් ප්‍රනාන්දු අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

    ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය හා හලාවත මේරියන්ස් අතර, හොරණ කළුතර යුද හමුදා ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් යුද හමුදා පිල කඩුලු 7ක ජයක් අත්කර ගත්තේය.
     
    - Sri Lanka Cricket - 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya