අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ ටිකට් දැන් ඔන්ලයින් ක්‍රමයට විවෘතයි

    දෙසැම්බර් 28, 2023

    සංචාරක සිම්බාබ්වේ පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි 20 ක්‍රිකට් තරගාවලි ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට දැන් හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ (ඔන්ලයින් ක්‍රමයට) ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට www.srilankacricket.lk වෙබ් අඩවිය හරහා අවස්ථාව උදාකර දී තිබේ.

    එමෙන්ම තරග පැවැත්වීමට නියමිත කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විද්‍යා මාවතේ කවුන්ටරයෙන් ලබන ජනවාරි 4 වැනි දා සිට  ප්‍රවේශ පත්‍ර මිල දී ගත හැක.

    ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර විස්සයි 20 තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ජනවාරි මස 6 වැනිදා සිට 11 වැනිදා දක්වා හා තරග 3කින් සමන්විත විස්සයි 20 තරගාවලිය ජනවාරි 14 වැනිදා සිට 18 දක්වා පැවැත්වීමට විධිවිධාන යොදා ඇත. මෙම සියලුම තරග දිවා – රාත්‍රී තරග ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

    ජනවාරි 6 පළමු එක්දින තරගය, ජනවාරි 8 දෙවැනි එක්දින තරගය, ජනවාරි 11 තෙවැනි එක්දින තරගය, ජනවාරි 14 පළමු විස්සයි 20 තරගය, ජනවාරි 16 දෙවැනි විස්සයි 20 තරගය හා ජනවාරි 18 තෙවැනි විස්සයි 20 තරගය පැවැත්වීමට විධිවිධාන යොදා ඇත.

    ප්‍රවේශ පත්‍රවල මිල ගණන් වන්නේ Grand Stand ප්‍රවේශ පත්‍රයක් රුපියල් 5000ක්, A-B Upper ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1500ක්, A-B Lower ප්‍රවේශ පත්‍රයක් රුපියල් 1000ක්, C-D Upper ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් හා C-D Lower ප්‍රවේශ පත්‍රයක් රුපියල් 200ක් වේ. එයට අමතරව වායුසමනය කරන ලද AC Box (Group Package with 16 Seats) ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000 බැගින් මිළදී ගෙන සමූහ වශයෙන් තරග නැරැඹීමේ අවස්ථාව සලසා ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya