අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මුවර්ස් – සෙබස්තියනයිට්ස් – කෝල්ට්ස් ජය ලබති

    දෙසැම්බර් 20, 2023

    ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රධානතම අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ පසුගිය 18 දා පැවැති තරඟවලදී මුවර්ස්, සෙබස්තියනයිට්ස් හා කෝල්ට්ස් යන කණ්ඩායම් ජය වාර්තා කළහ.



    මෙම තරගවලදී කැපී පෙනන දස්කම් දක්වමින් සීසීසී පිලේ ෂොනාල් දිනූෂ නොදැවී ලකුණු 80ක්, කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ දුනිත් වෙල්ලාලගේ ලකුණු 51ක් හා ජෙහාන් ඩැනියෙල් ලකුණු 71ක් ගෙන අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ.

    කොළඹ මුවර්ස් පිටියේ පැවැති මුවර්ස් පොලිස් අතර තරඟයෙන් මුවර්ස් පිල කඩුලු 7ක ජයක් ලැබූ අතර, කොළඹ සීසීසී පිටියේ පැවැති සීසීසී – සෙබස්තියනයිට්ස් අතර තරගයෙන් ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ සෙබස්තියනයිට්ස් පිල ලකුණු 4ක ජයක් ලබා ගත්තේය.

    කෝල්ට්ස් – රාගම ක්‍රිකට් සමාජ අතර, කොල්ට්ස් පිටියේ පැවැති තරඟයෙන් ඩක්වර්ත් – ලුවිස් න්‍යාය යටතේ කෝල්ට්ස් පිලට ලකුණු 66ක ජයක් අත්වෙද්දී, කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ගාල්ල – කුරුණෑගල අතර තරඟය වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ යැවීමට නොහැකිව අත්හැර දැමීමට සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya