අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමේ ගැසට් පත්‍රයක්

    දෙසැම්බර් 13, 2023

    හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් ගැසට් පත්‍රයක් මඟින් පනවා තිබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමේ ගැසට් පත්‍රයට අත්සන් කළ බව ඊයේ (12) තම ට්විටර්  සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පැනවූ ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමේ අරමුණින් තමන් මේ තීරණය ගත් බවත්, එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විගණකාධිපතිවරයා විසින් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නීතිපතිවරයාට දැනුම්දුන් බව ද වැඩිදුරටත් එම නිවේදනය මගින් අමාත්‍යවරයා සඳහන් කරයි.

    එම විගණන වාර්තාව පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිරීක්ෂණ ලබා ගැනීම සඳහා ඔවුන් වෙත ලිඛිතව දැනුම්දීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයාගේ ( X - ට්විටර්  ) සමාජ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya