අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනිඳු තෙවැනි තැනට එද්දී මහීෂ් පස්වැනි තැනට

    දෙසැම්බර් 08, 2023

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කළ නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීමට අනුව විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ තෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත්ව තිබේ.

    ඉන්දීය කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක Ravi Bishnoi ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානයට පත්ව තිබේ. ප්‍රසාද ලකුණු 699ක් ලබා ගනිමින් Bishnoiඑලෙස පෙරමුණ ලබා ගැනීමට සමත් වී තිබෙන අතර නිමා වූ ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියේ ඔහු දැක් වූ දස්කම් නිසා ඔහු මෙලෙස පෙරමුණට පැමිණ තිබේ

    දෙවැනි ස්ථානය ප්‍රසාද ලකුණු 692ක් ලබා ගනිමින් ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක Rashid Khan හිමි කරගෙන තිබෙන අතර ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ප්‍රසාද ලකුණු 679ක් ලබා ගෙන තුන්වැනි ස්ථානයේ රැඳී සිටිනවා‍. විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි මුල් ස්ථාන 3 හිමිකරගත් ක්‍රීඩකයන් තිදෙනාම දකුණත් පා දඟ පන්දු යවන්නන් වීම ද විශේෂත්වයකි

    එම ශ්‍රේණිගත කිරීමේ ප්‍රසාද ලකුණු 677ක් ලබා පස්වැනි ස්ථානය හිමිකර ගැනීමට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට හැකි වී තිබෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානතම දඟ පන්දු යවන්නන් දෙදෙනා ම පළමු ස්ථාන 5 අතර රැඳී සිටී.

    මීට අමතරව විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ 7වන ස්ථානය හිමිකර ගැනීමටද වනිඳු හසරංග සමත්ව තිබීම විශේෂත්වයක්. ඒ් ප්‍රසාද ලකුණු 178ක් හිමිකර ගනිමිනි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya