මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ වරාය නගරය, මුහුදු සේද මාවතේ මුතු ඇටයක් බවට පත්වෙනු ඇත

    සැප්තැම්බර් 23, 2014


    කොළඹ වරාය නගරය, මුහුදු සේද මාවතේ මුතු ඇටයක් බවට පත්වෙනු ඇති බව කොළඹ වරාය නගරය ඉදිකිරීම් භාර චීන සීමාසහිත ප්‍රවාහන සංවර්ධන සමාගමේ සභාපති Chen Fen Jian මහතා පවසයි.


    මෙම සමාගම එම ව්‍යාපෘතියට ආයෝජනය කොට ඉදිකිරීම් කටයුතුවල නිරත වෙයි.

    චීන ජනාධිපති Xi Jinping මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කළ කාලයේ කොළඹ වරාය නගරය ඉදිකිරීම් ආරම්භ කිරීමේ උත්සවයට එක් විය.

    මේ පිළිබඳව Chen Fen Jian මහතා පැවසුවේ, වත්මන් ශ්‍රී ලංකාවේ යහපත් සංවර්ධන හා ආයෝජන පරිසරයක් තිබෙන බැවින් චීනය සමඟ සහයෝගීතා සම්බන්ධතාව ගැඹුරු ලෙස වර්ධනය වනු ඇති බවයි.

    ඊට හේතුව ලෙස ඔහු දැක්වූයේ, ශ්‍රී ලංකාව තුළ සාමය හා ස්ථාවරත්වය පැවතීමයි. එමෙන් ම චීනය සමඟ පවතින මිත්‍රත්වය අඛණ්ඩව පුළුල් වෙමින් පවතින බවද ඔහු පැවසීය.

    කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් භාර සමාගම 21 වන ශතවර්ෂයේ මුහුදු සේද මාවත යන යෝජනාව යටතේ චීන ව්‍යාපාර විදේශ රටවල සංවර්ධනය ශක්තිමත් කිරීමේ මනා අවස්ථාවක් ලෙස සලකන බවද Chen Fen Jian මහතා එහිදී පෙන්වා දුන්නේය.
     

    ECB/Shi Yue_cri.cn

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya