අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු රග්බි තරගාවලිය අද සිට

    සැප්තැම්බර් 21, 2014
    රටවල් හතරක සහභාගිත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ආසියානු කුසලාන රග්බි තරගාවලිය අද (21) සිට ලබන 27දා දක්වා කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. 
     
    චීන තායිපේ, හොංකොං, දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වෙති. ජයග්‍රාහී කණ්ඩායම ඉදිරියේ දී පැවැත්වෙන වයස අවුරුදු 20න් පහළ ලෝක ශූරතා රග්බි තරගාවලිය සඳහා සුදුසුකම් ලබයි. 
     
    තරගාවලිය ලීග් ක්‍රමයට ක්‍රියාත්මක වන අතර සත්කාරක ශ්‍රී ලංකා 21දා දකුණු කොරියාව සමඟ ද, 24දා හොංකොං සමඟ ද, 27දා චීන තායිපේ සමඟ ද තරග වඳිති.
     
    21දා  හොංකොං - චීන තායිපේ  අතර ද,  ශ්‍රී ලංකාව - දකුණු කොරියාව අතර ද තරග පැවැත්වෙන අතර  24දා දකුණු කොරියාව - චීන තායිපේ හා ශ්‍රී ලංකාව - හොංකොං අතර ද, 27දා ශ්‍රී ලංකා - චීන තායිපේ හා දකුණු කොරියාව - හොංකොං අතර ද තරග  පැවැත්වීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya