මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    LPL ජාත්‍යන්තරයට හොඳ පණිවුඩයක් දෙනවා - අමාත්‍ය හරීන් ප්‍රනාන්දු

    අගෝස්තු 07, 2023

     ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය හරහා මෙරට සංචාරක ක්ෂේත්‍රය වර්ධනය කර ගැනීම සඳහා ජාත්‍යන්තරයට හොඳ පණිවිඩයක් යන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අදියර වූ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පසුගිය 02 වනදා පැවැති දඹුල්ල අවුරා සහ ජැෆ්නා කිංග්ස් අතර තරගය නැරඹීම සඳහා පැමිණී සංචාරක අමාත්‍යවරයා තරග විකාශන රූපවාහිනී විස්තර විචාරය සමඟ එක් වෙමින් මේ පිළිබඳ අදහස් පළ කර සිටියේය.

    එහිදී සිව් වන අදියරයට වන විට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක භාවයේ වර්ධනයක්ද තමන් දකින බව අමාත්‍යවරයා වැඩිදුරටුත් සඳහන් කළේය.

    “මේ තරගාවලිය ඉතාම හොඳයි, මෙය සිව්වන අදියරයයි. මම හිතන්නේ මේ වතාවේ එය ඉතා විශිෂ්ටයි. එව පෙර තරගාවලිවලට වඩා කැපී පෙනවා. ඒ වගේම තරගාවලියේ ගුනාත්මක භාවයත් ඉතාමත් විශිෂ්ඨ මට්ටමක පවතිනවා කියලා මම හිතනවා” යැයි සඳහන් කළ අමාත්‍යවරයා “ලංකාවේ සංචාරක ව්‍යාපාරයට මෙම තරඟාවලිය මහත් රුකුලක් දක්වනවා. සංචාරක ව්‍යාපාරය කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ විශාල කොටසක්.ඒ නිසා එල් පී එල් රටේ ආර්ථිකයට සවියක්” යැයිද පැවසීය.

    “ඇත්තටම සිව්වැනි එල්.පී.එල්. තරගාවලිය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමට දැඩි රුකුළක් සපයනවා. ඔබගේ මතකය නිවැරදි නම් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේදී ඔස්‌ට්‍රේලියානුවන් ශ්‍රී ලාංකිකයන් සමඟ ඇති කරගත් බැඳීම ශ්‍රී ලංකාව මුළු රටටම සවියක් වුණා. ඒ මොකද කියනවා නම් ශ්‍රී ලකාව පසුගිය වසරෙදී ඉතා භයානක කාලයක් පසු කරමින් සිටිය අවධියක්. ඒ වගේම එල්පීඑල් එකේ විදෙස් ක්‍රීඩකයන් රැසක් ක්‍රීඩා කරනවා. ඉතින් ඒක ලෝකෙට හොඳ පණිවිඩයක් යනවා” යැයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    තමන් සංචාරක අමාත්‍ය ධුරයේ වැඩ රාජකාරි බාර ගන්නා විට රටේ පැවැති අර්බුදකාරී තත්ත්වය නිසා බහුතරයක් සංචාරකයින් රටෙන් වෙනත් රටවල් බලාපිටත් වන පසුබිමක් නිර්මාණය වී තිබුණද දැන් එම තත්ත්වය මුළුමනින්ම වෙනස් වී රට තුළ විදේශිකයින්ගේ පිරී ඉතිරී ගොස් තිබෙන බවද සඳහන් කර සිටියේය. එය ආශ්චර්යයක් බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

    “මම මේ තනතුරේ වැඩ භාර ගන්නා කාලය වන විට රටේ පැවැති අර්බුදකාරී තත්ත්වය නිසා ගොඩක් සංචාරකයින් අපේ රටෙන් වෙනත් රටවල් බලා පිටත් වෙමින් සිටියා. නමුත් පුදුමයට හේතු වන්නේ ඒ තත්ත්වයේ සිටි අප දැන් ඉන්න තත්ත්වය. එය ඇත්තටම ආශ්චර්යයක්” යැයි සඳහන් කරන සංචාරක අමාත්‍යවරයා “අපේ ගුවන් තොටුපොළවල් පිරිලා, හෝටල් පිරිලා. ඒ වගේම ශ්‍රී ලංකාව වටා බොහෝ ඉසව් පැවැත්වෙමින් තිබෙනවා. ඒ වගේම මිනිසුන් ආදරය කරන චරිත් මෙහි පැමිණ ඔවුනගේ කටයුතු කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. සංචාරක ව්‍යපාරයෙන් පමණක් ශ්‍රී ලංකාවට මේ අවුලෙන් ගොඩ ඒමට උපකාර වන බව මම හිතනවා. අපිට ඩොලර් අවශ්‍ය නිසා විශේෂයෙන්ම ඉන්දියාව වැනි රටවල් අපේ සංචාරක ව්‍යාපාරයට ගොඩක් උධව් කරලා තියෙනවා. ඒ වගේම ආසියාතික රටවල්, සාර්ක් රටවල් අපිට ඇත්තටම උදව් කරනවා” යැයිද සඳහන් කර සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya