අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අප්‍රිකා 'A'පිළ ජුනි මස දී ශ්‍රී ලංකාවට

    අප්‍රේල් 26, 2023

    ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමග සිව්දින සහ එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා දකුණු අප්‍රිකානු ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායම ලබන ජුනි මස 01 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

    එක්දින තරඟ 3 ක් සහ සිවුදින තරඟ දෙකක් මෙම තරගාවලියට ඇතුළත්ව තිබේ.

    ජුනි මස 04 වැනිදා පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි තරග ජුනි 06 සහ 08 යන දෙදින එම ක්‍රීඩාංණයේදීම පැවැත්වේ.

    තරඟ 2 කින් සමන්විත සිවුදින තරගාවලිය ජුනි 12 වැනිදා ආරම්භ වන අතර දෙවැනි තරඟය ජුනි 19 වැනිදා සිට 22 වැනිදා දක්වා එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya