සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ පානීය ජල ගැටලුවට විසඳුම්

    ජූලි 26, 2024

    උතුරේ ජනතාවට පානීය ජලය ඉතාම විශේෂිත විෂයක් බවත්, එම පානීය ජල ගැටලුවලට විසඳුම් ලෙස ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට පානීය ජල ව්‍යාපෘති 05ක් රජයෙන් ආරම්භ කර ඇති බවත් උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය පැවසුවාය.

    උතුරු පළාත් ආණ්ඩුකාරවරිය මේ බව ප්‍රකාශ කළේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී උතුරු පළාත් සංවර්ධනය සම්බන්ධයෙන් පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
    විශේෂයෙන් යාපනය, මුලතිවු හා කිලිනොච්චි දිස්ත්‍රික්කයන්හි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වන බවද, ඉන් ව්‍යෘපෘති 02ක් ලබන වර්ෂය තුළ අවසන් වීමට නියමිත බවද ආණ්ඩුකාරවරිය වැඩිදුරටත් පැවසුවාය.

    එම ව්‍යාපෘති තුළින් උතුරේ ජනතාවට පානීය ජලය ඉතාමත් විධිමත් ලෙස ලබාදීමට බලාපොරොත්තු වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya