අප්‍රේල් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිශාන් මදුෂ්ක සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කරයි

    අප්‍රේල් 27, 2023

    සංචාරක අයර්ලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේදී සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කිරීමට ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක අද(27) සමත් වුනා.

    සිව්වන දිනයේ දිවා භෝජනය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 489ක් ලබා ඉතා ප්‍රභල ස්ථානයක පසුවෙනවා. නොදැවී කඩුල්ලේ රැඳී සිටින නිශාන් මදුෂ්ක ලකුණු 202ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 160ක් ලබා ‌ගෙන තිබෙනවා.

    ශ්‍රී ලංකා පිළේ බිඳ වැටුනු එකම කඩුල්ල වූ, නායක දිමුත් කරුණාරත්න ඊයේ(27) දිනයේදී ලකුණු 115ක් ලබා සිටියදී Curtis Campher‌ ගේ පන්දුවකට Matthew Humphreys හට උඩ පන්දුවක් ලබා දෙමින් දැවී ගියේය.

    මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම අයර්ලන්ත පලමු ඉනිමට වඩා තවත ලකුණු 3ක් පමණක් පිටුපසින් සිටිනවා. අයර්ලන්තය පලමු ඉනිමට සියළු දෙනා දැවී ලකුණු 492ක් ලබා ගත්තා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya