අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පිළෙන් සාර්ථක ආරම්භයක්

    අප්‍රේල් 25, 2023

    සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 81 ක් ලබා සිටිනවා.

    තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 492 ක් ලබා ගත්තා. ඒ අනුව අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙන් Curtis Campher ලකුණු 111 ක්, Paul Stirling ලකුණු 103 ක්, Andy Balbirnie ලකුණු 95 ක් ලබා ගැනීමට සමත් වුණා.

    පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක්, විශ්ව ප්‍රනාන්දු හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැඟින් සහ රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

    දිනය අවසානයේ නොදැවී පන්දුවට පහරදෙන නිෂාන් මදුෂ්ක ලකුණු 41 ක් හා නායක දිමුත් කරුණාරත්න ලකුණු 39 ක් ලබා සිටිනවා. හෙට තරඟයේ තෙවන දිනයයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya