මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හිටපු ක්‍රීඩා අමාත්‍යවරු කොළඹ දී හමුවෙයි

    සැප්තැම්බර් 15, 2022

    අනාගත ක්‍රීඩාවේ අභිවෘද්ධිය හා ජයග්‍රහණය වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ අත්දැකීම් හා සහයෝගය ලබා ගැනීමේ අරමුණින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ හමුවක් (13) කොළඹ දී පැවැත්වුණි.

    මෙම හමුව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් අනුව සංවිධානය විය.

    ක්‍රීඩා අමාත්‍යධූරය දැරු සියළුම දෙනා හට ආරාධනා කළ මෙම හමුවේ දී ක්‍රීඩා අමාත්‍යවරුන් ලෙස ක්‍රීඩාවේ අතීත අත්දැකීම් තුලින් අනාගතයේ ක්‍රීඩාව ශක්තිමත්ව ජයග්‍රහණ කරා නගාසිටුවීමට අවශ්‍ය යෝජනා, අදහස් ලබා ගැනීම එහිදී සිදු විය.
    එම සාකච්ඡාවේ දී ක්‍රීඩාව සම්බන්ධයෙන් රටතුල ඇති සියළුම අමාත්‍යාංශ, ආයතන, දෙපාර්තමේන්තු, පළාත් සභා, ක්‍රීඩා සංගම් ඇතුළු අනෙකුත් ආයතන ඒකාබද්ධ කරගනිමින් පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම ඉතා කාලෝචිත ක්‍රියාවක් බව යෝජනා විය.
    ක්‍රීඩාවේ සිදු විය යුතු වෙනස්කම් රාශියක් පිළිබදව හා ක්‍රීඩා පනතට ඇතුලත් කර ගත යුතු යෝජනා රාශියක් ද ජාතික ක්‍රීඩා ප්‍රතිපත්යක් පිළිබදව යෝජනා ද මෙහි දී ඉදිරිපත් විය.
    මෙම අවස්තාවට හිටපු ක්‍රීඩා අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, ජීවන් කුමාරනතුංග, ගාමිනී ලෝකුගේ, මහින්දානන්ද අලුත්ගමගේ, නවීන් දිසානායක, දයාසිරි ජයසේකර, ෆයිසර් මුස්තාපා, හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන් සහ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා, එහි ලේකම් සුජානි බෝගොල්ලාගම මහත්මිය හා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ උපදේශක සුදත් චන්ද්‍රසේකර මහතා සහභාගී විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya