අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු සටන කොදෙව්වන් සමඟ

    නොවැම්බර් 10, 2021

    ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් පිළ අතර තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරඟාවලියකට සහභාගී වීම සඳහා සබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පසුගිය 09 වැනිදා උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියේය.

     

    ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ දෙපිළම සහභාගිවන පළමු තරගාවලිය මෙය වන අතර පලමු තරඟය නොවැම්බර් 21 සිට 24 වැනිදා දක්වා ද දෙවැනි ටෙස්ට් තරගය නොවැම්බර් 29 සිට දෙසැම්බර් 03 දක්වා පැවැත්වේ. මෙම ටෙස්ට් තරඟ දෙකම දඟ පන්දුයවන්නන්ට උචිත ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    එම තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම දෙපිළ බෙදී පවත්වනු ලබන සිව්දින පුහුණු තරගයකට කොළඹදී සහභාගිවනු ඇත. ජෛව බුබුලු පරිසරයක් යටතේ පවත්වනු ලබන මෙම තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විතයි.

    අවසන් වරට කොදෙව් කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග සංචාරයකට සහභාගිවූයේ 2015/16 වසරේදී පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියට වේ. ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් තරග වැදි එම තරගාවලිය 2-0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගැනීමට සමත්විය.

    බටහිර ඉන්දීය කොදෙව් සංචිතය – ක්‍රෙග් බ්‍රැත්වයිට් (නායක), ජෙරමින් බ්ලැක්වුඩ් (උප නායක), කෘමා බොනර්, රොස්ටන් චේස්, රකීම් කෝන්වෝල්, ජෂුවා ද සිල්වා, ශෙනන් ගේබ්‍රියල්, ජේසන් හෝල්ඩර්, ෂායි හෝප්, කයිල් මේයර්ස්, වීරසාමී පෙරුමාල්. කෙමාර් රෝච්, ජේඩ්න් සීල්ස්, ජෙරම් සොලොසානෝ. ජොමෙල් වොරිකන්.

    -Sri Lanka Cricket-

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya