අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු අප්‍රිකාව සමඟ පලමු තරඟයේ ජය ශ්‍රී ලංකාවට  

    සැප්තැම්බර් 03, 2021

    දකුණු අප්‍රිකාව සමඟ ඊයේ(02) පැවති පළමු එක්දින තරඟය ලකුණු 14කින් ජය ගැනීමට දසුන් ශානකගේ නායකත්වුයෙන් යුත් ශ්‍රී ලංකා පිළ සමත් විය

    කසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා පිළ පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, පන්දුවාර 50 අවසානයේ කඩුලු 9කට ලකුණු 300ක් රැස් කළා. නැවතත් සිය සුපුරුදු දක්ෂතා අතරට පිවිසි ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 118ක් ද ඔහුට අනගි සහයක් ලබා දෙමින් චරිත් අසලංක ලකුණු 72ක් හා ධනංජයද සිල්වා ලකුණු 44ක් ද ලබා ගත්තේ ය.

    පන්දු යැවීමේදී Kagiso Rabada සහ Keshav Maharaj කඩුලු 2ක බැගින් දවා ගැනීමට සමත් විය

    ලකුණු 301ක් හඹා යාමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිළට සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 286ක් පමණි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් Aiden Markram ලකුණු 96ක් සහ Rassie van der Dussen ලකුණු 59ක් රැස් කළා. තරඟය අතරතුර පන්දුවට පහරදෙමින් සිටි ද.අප්‍රිකානු නායක Temba Bavuma ආබාධයකට ලක්වීම හේතුවෙන් ලකුණු 38ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වීමට සිදු වුනා. පන්දු යැවීමේදී අකිල ධනංජය ලකුණු 65ක‌ට කඩුලු 2ක් දවා ගත්තේ ය.

     

    ඒ් අනුව ලකුණු 14කින් පලමු තරඟය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා පිළ තරඟ 3කින් යුත් එක්දින තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා. තරඟයේ වීරයා සම්මානය හිමිවූයේ පිත්තේන් දස්කම් දැක්වා ශතකයක් වාර්තා කළ අවිශ්ක ප්‍රනාන්දු හටයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya