මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටෝකියෝ පැරාලිම්පික් උළෙල ඇරඹේ - ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 09ක්

    අගෝස්තු 24, 2021

    ටෝකියෝ 2020 ගිම්හාන පැරාලිම්පික් උළෙල අද (24) ජපානයේ ටෝකියෝ නුවර දී ආරම්භ වෙයි.

    මෙවර තරගාවලිය අගෝස්තු මස 24 වැනිදා සිට සැප්තැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඉතිහාසයේ පළමු වරට ඔරුපැදීමේ තරග සඳහා ද ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබීම විශේෂත්වයකි.

    1. සම්පත් බණ්ඩාර – දුනු විදීම
    2. දිනේෂ් ප්‍රියන්ත හේරත් – හෙල්ල විසිකිරීම
    3. සමිත දුලාන් – හෙල්ල විසිකිරීම
    4. සම්පත් හෙට්ටිආරච්චි – හෙල්ල විසිකිරීම
    5. කුමුදු ප්‍රියන්කා – 100m/ දුර පැනීම
    6. සමන් සුභසිංහ – 400m
    7. පාලිත බණ්ඩාර – යගුලිය විසිකිරීම
    8. මහේෂ් ජයකොඩි – Roving
    9. ඩි.එස්. ධර්මසේන – W/Tennis

    ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතිහාසයේ පළමු පැරාලිම්පික් පදක්කම දිනා ගැනීමට 2012 වසරේ ලන්ඩන් හි පැවති පැරාලිම්පික් තරඟාවලියේ දී T46 400m ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ප්‍රදීප් සංජය ක්‍රීඩකයා සමත් වූ අතර 2016 වසරේ පැවති අවසාන පැරාලිම්පික් උළෙලේදී ද හෙල්ල විසිකිරීම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට දිනේෂ් ප්‍රියන්ත සමත් විය.

    පසුගිය වසරේ පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියේ 2020 පැරාලිම්පික් තරඟාවලිය කොරෝනා වසංගතය නිසාවෙන් 2021 දක්වා කල් තැබුනි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya