අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දසුන්‌ ශානකගේ නායකත්වයෙන් ඉන්දියාවට එරෙහි පළමු T20 තරඟාවලි ජය ලබයි

    ජූලි 30, 2021

    සංචාරක ඉන්දීය පිළ සමඟ පැවති අවසන් 20-20 තරඟය කඩුලු 7ක පහසු ජයක් ලබමින් ඉන්දියාව සමඟ පැවති විස්සයි-විස්ස තරඟාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා පිළ (29) සමත් වුනා.

    ඒ අනුව වසර 12ක ඉන්දු - ශ්‍රී ලංකා විස්සයි-විස්ස තරඟ ඉතිහාසය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ඉන්දීය පිළට එරෙහිව ලබගත් පලමු 20-20 තරඟාවලි ජයග්‍රහණය ලෙස මෙම තරඟාවලිය වාර්තා වලට එක් වනවා.

    කාසියේ වාසිය දිනා පලමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඉන්දීය පිළට පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වූ කඩුලු 8ක් දැවී ලකුණු 81ක් පමණි. මෙම සංචාරය පුරාවට ලකුණු අතර සිටි ඉන්දීය නායක ශිකර් ධවාන්ව කිසිඳු ලකුණක් ලබා ගැනිමට පෙර ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට දුෂ්මන්ත චමීර සමත් විය. මුල් පෙළ පිතිකරුවන් සියලු දෙනා ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ එක පෙළට දැවී යද්දී ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අද දිනයේ පිතිකරණ ලයිස්තුවේ ඉදිරියෙන් පැමිණි දඟ පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව්. ඔහු නොදෙවී ලකුණු 23ක් ලබාගත් අතර බුවනේශ්වර් කුමාර් ද ලකුණු 16ක් ඉන්දීය ඉනිමට එක් කිරීමට සමත් වුනා.

    අද දින සිය 24 වන උපන් දිනය සමරමින් තම විස්සයි-විස්ස හොඳම පන්දු යැවීම වාර්තා කළ වනිඳු හසරංග පන්දුවාර 4 තුළදී ලකුණු 9ක් පමණක් ලබා දෙමින් ඉන්දීය පිළේ පිතිකරුවන් 4 දෙනෙකු දවා ගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වුනා. ඔහුට අනගි සහයක් ලබා දුන් නායක දසුන් ශානක ද තම පන්දුවාර හතරේදී ලකුණු 20කට කඩුලු 2ක් ලබා ගත්තේ තමා විසින් යැවූ පන්දුවකට පෙරළා ලබා දුන් නිටීෂ් රානාගේ උඩපන්දුව ද ඉතා දක්ෂ ලෙස රැක ගනිමිනි.

    ලකුණු 82 ක පහසු ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් එම ඉලක්කය පන්දුවාර 14යි පන්දු 3ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලබා ගනිමින් තරඟයේ හා සමස්ත තරඟාවලියේ ජය නතුකර ගැනීමට සමත් වුනා. නැවතත් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 23ක් ලබා ගත් අතර මිනොද් භානුක ලකුණු 18 ක් හා පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දක්වමින් වනිඳු හසරංග නොදැවී ලකුණු 14ක් රැස් කළා. අවසන් තරඟයේ හා තරඟාවලියේ වීරයා ලෙස වනිඳු හසරංග සම්මාන දිනාගත්තේ තම උපන් දිනය දා ලැබුණු තෑග්ගක් ලෙසණි.

    ඒ අනුව ඉන්දීය පිළේ ශ්‍රි ලංකා සංචාරය නිමා කරමින් පැවති 20-20 තරඟාවලිය 2-1ක් ලෙස පහසුවෙන් ජය ගැනීමට දසුන් ශානකගේ නායත්වයෙන් යුත් නවක දක්ෂ ක්‍රීඩකයින් රැසකගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා පිළ සමත් වුනා.

    තුන්වන 20-20 තරඟය සඳහා ක්‍රීඩා කරන ලද ශ්‍රී ලංකා හා ඉන්දීය කණ්ඩායම් -

    Sri Lanka: 1 Avishka Fernando, 2 Minod Bhanuka (wk), 3 Sadeera Samarawickrama, 4 Dhananjaya de Silva, 5 Pathum Nissanka, 6 Ramesh Mendis, 7 Dasun Shanaka (capt), 8 Wanindu Hasaranga, 9 Chamika Karunaratne, 10 Dushmantha Chameera, 11 Akila Dananjaya

    India: 1 Shikhar Dhawan (capt), 2 Ruturaj Gaikwad, 3 Devdutt Padikkal, 4 Sanju Samson (wk), 5 Nitish Rana, 6 Bhuvneshwar Kumar, 7 Sandeep Warrier, 8 Chetan Sakariya, 9 Kuldeep Yadav, 10 Varun Chakravarthy, 11 Rahul Chahar

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya