අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානිට 28 වැනි ස්ථානය

    ජූලි 26, 2021

    ටෝකියෝ ඔලිම්පික් උළෙලේ (25) දින Artistic Gymnastics ඉසව්ව සඳහා සහභාගී වූ ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි සමස්ත ඉසව්වේ 28 වැනි ස්ථානය හිමි කරගැනීමට සමත්  වූවාය.

    අවසන් තරග සඳහා පළමු ක්‍රීඩිකාවන් 24 දෙනා සුදුසුකම් ලබා ගත් අතර තරග වට (rotations) 4ක් අවසානයේ මුළු ලකුණු 45.798ක් වාර්තා කරමින් ගෙහානි 28වැකි ස්ථානයට පත් විය. තම පළමු වටයේ දී Balance Beam අංගයෙන් ලකුණු 11.266ක් ද දෙවැනි වටයේ දී Floor අංගයෙන් ලකුණු 10.300ක් ද තෙවැනි වටයේ පැවති Vault අංගයෙන් ලකුණු 13.366ක් හා සිව්වැනි වටයේ දී Uneven Bars අංගයෙන් ලකුණු 10.866ක් ද හිමිකරගනිමින් මිල්කා ගෙහානි විසින් මුළු ලකුණු 45.798ක් ලබා ගත්තාය.

    දැනට 18 හැවිරිදි වියේ පසුවන මිල්කා ගෙහානි මෙරට ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් ඔලිම්පික් වරම් හිමි කර ගනු ලැබූ ප්‍රථම සහ එකම ක්‍රීඩිකාව වෙයි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya