අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානයට ජයග්‍රහණය සඳහා කඩුලු 3කට ලකුණු 144ක අභියෝගයක්

    අගෝස්තු 18, 2014

    පකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය වන අද (18) පකිස්තානය හමුවේ ජයග්‍රහණය සඳහා කඩුලු 3ක් සමඟ ලකුණු 144ක් ලබාගැනීමේ අභියෝගයක් පවතියි.


    ඊයේ උදෑසන කොළඹ SSC ක්‍රීඩාංගණයේදී තරගය අරඹන විට දෙවන ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුළු 2ක් දැවී ලකුණු 177ක් රැස් කර සිටියේය. ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම වෙනුවෙන් සියල්ලන් දැවී ලකුණු 282ක් ලබා ගැනීමට සමත් විය. ඒ අනුව පකිස්තානයට ජයග්‍රහණය සඳහා ලකුණු 271ක ඉලක්කයක් ලැබී තිබිණි.


    එම ජයග්‍රාහී ඉලක්කය හඹා යන පකිස්තානයට ඊයේ (17) තරගය අවසාන වන විට කඩුළු 7ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 127ක් පමණි. එහිදී රංගන හේරත් ලකුණු 46කට කඩුළු 4ක් බිඳ හෙළීමට සමත් විය.

     

    විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරගය ක්‍රීඩා කරමින් සිටින මාහේල ජයවර්ධන ලකුණු 54ක් ලබා ගනිමින් තම 50 වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. අවසන් ලෙස ටෙස්ට් තරගයකදී මුණ ගැසුණු සංගක්කාර-මහේල සුසංයෝගය 3 වන කඩුල්ලට ලකුණු 107ක් එක්කළේ ටෙස්ට් තරගයකදී ඔවුන් දෙදෙනා එක්ව ගොඩනැගූ ශතක සබඳතා 19ක් සනිටුහන් කරමින්ය. මෙම සංගක්කාර-මහේල සුසංයෝගය ලොව ටෙස්ට් ඉතිහාසයට එක් වූයේ ලොව වැඩිම ශතක සබඳතාවන් ගොඩ නැගූ දෙවන ක්‍රීඩකයන් දෙපළ වශයෙනි. කුමාර් සංගක්කාර ලකුණු 59කට දැවී ගිය අතර ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 43ක් රැස් කළේය.

     

    SDF

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya