මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ විශිෂ්ටතමයෙකුගේ අවසන් ටෙස්ට් ඉනිම

    අගෝස්තු 17, 2014

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයෙකු වන මහේල ජයවර්ධන අද (17) තම අවසන් ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළේය. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පකිස්තානයට එරෙහිව දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන ඉනිමට සහභාගී වෙමින්ය.


    ලකුණු 54ක් ලබා ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 50 වන අර්ධ ශතකය වාර්තා කරමින් මහේල විසින් ටෙස්ට් පිතිකරණයේ නිමාව සනිටුහන් කරන ලදී.

     

    මෙම තරගයෙන් පසු තමන් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව පකිස්තානයට එරෙහි ටෙස්ට් තරගය ආරම්භ කිරීමට ප්‍රථම මහේල විසින් පවසන ලද බැවින් ලෝ පුරා වෙසෙන ක්‍රීඩා ලෝලීන් මෙම තරගය දෙස තම නෙත් දල්වා බලා සිටියේ මෙම විශිෂ්ට ක්‍රීඩකයාට සුභාශිංසන හා ආචාරසමාචාර දක්වමිනි. එසේම පකිස්තාන ක්‍රීඩකයන් ද මෙම අද්විතීය ටෙස්ට් වීරයාට ඔවුන්ගේ උණුසුම් ප්‍රතිචාරය හා ආචාරය පිරිනමන අයුරු තරගය අතරතුරදී ක්‍රීඩා ලෝලීන්ට දැක ගැනීමට හැකියාව ලැබුණි.


    1997 වසරේදී ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් මහේල තම ක්‍රිකට් දිවිය ආරම්භ කළේය. ඔහු මේ වන විට ටෙස්ට් ක්‍රිකට් තරග 149කට ක්‍රීඩා කර ඇත. ටෙස්ට් ලකුණු 11,814ක් රැස් කර ඇති මහේල වැඩිම ටෙස්ට් ලකුණුලාභී පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 7 වැනි තැන ලබාගෙන සිටියි. එදා මෙදාතුර සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ටෙස්ට් ශතක 34ක් හා අර්ධ ශතක 50ක් සිය නාමය ඉදිරියේ සනිටුහන් කිරීමට මහේල සමත් වී ඇත.

     

    ලකුණු 374ක් රැස් කර ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ඉනිමක දී වැඩි ම ලකුණු ලැබූ ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේද මෙම අද්විතීය ක්‍රීඩකයාය. ටෙස්ට් තරග 36කදී ශ්‍රී ලංකා පිලේ නායකත්වය හෙබ වූ මහේල ඉන් තරග 18කටම ජයග්‍රහණය ගෙන දීමට සමත් වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ සාර්ථකම ටෙස්ට් ක්‍රිකට් නායකයා ලෙස මහේල ජයවර්ධන පිළිගැනේ.

     

    මහේල ජයවර්ධන අද (17) සිය ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගත්තද ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වෙනුවෙන් ඔහු කළ මෙහෙවර ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් වංශ කතාවේ රන් අකුරින් ලියැවී සදානුස්මරණීය ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඉතිහාස ගත වෙනු ඇත.

     

    SDF

    Mahela 4Mahela 3Mahela 1Mahela 6Mahela 7Mahela 8

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya