අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සර්ව ආගමික වැඩසටහන්

    අගෝස්තු 16, 2014

    ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තව තවත් දියුණු කරලීම සඳහාත් පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ හා පාපන්දු ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් ඇපකැප වී ක්‍රියා කරන සියලු පාර්ශවයන්ට සර්ව ආගමික ආශිර්වාද පතා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන ඇත.


    ඒ අනුව ලබන 23 වන දින පස්වරු 8.30 සිට කොළඹ 07, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන මූලස්ථානයේදී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වේ.

    පසුදා එනම් අගෝස්තු 24 දින පෙරවරු 6.30ට හීල් දානමය පිංකමක් ද එදින පෙරවරු 8.00ට කතෝලික දිව්‍ය පූජාවක්, පෙරවරු 9.00ට මුස්ලිම් ආගමික පූජාවක් හා පෙරවරු 9.30ට හින්දු ආගමික පූජාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya