අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නිරෝගීමත් දරුවකු බිහි කිරීමට නම් කුඩා දරුවන් හා තරුණ පරපුර ක්‍රීඩාව සඳහා යොමු කළ යුතුයි

    සැප්තැම්බර් 30, 2020

    සෞභාග්‍යයේ දැක්ම තුළින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලාපොරොත්තු වන , මෙරට සෑම දෙමව්පියෙකුගේම බලාපොරොත්තුව වන නිරෝගීමත් දරුවකු බිහි කිරීමට නම් කුඩා දරුවන් හා තරුණ පරපුර ක්‍රීඩාව සඳහා යොමු කළ යුතුයැයි තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද(30) කොළඹදී පැවසීය.

    ජන ක්‍රීඩාව අපේ සංස්කෘතියේ කොටසක් බව සඳහන් කළ අමාත්‍යවරයා දරුවන්ට තවදුරටත් ක්‍රීඩාව සමීප කරවීම කළ යුතු බවත් ඉදිරියේදී ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ හෙටට යෙදෙන විශ්වළමා දිනය නිමිති කරගෙන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් පැවැත් වූ චලන කුසළතා වැඩසටහනට එක්වෙමිණි. මෙම වැඩසටහන් කොළඹ ටොරින්ටන් ක්‍රීඩාංගණයේදී අද උදෑසන ආරම්භ වූ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 11ක් නියෝජනය කරමින් දරුවන් 500 දෙනෙක් මේ සඳහා සහභාගී විය.

     

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රීඩාව නව්‍යකරණය කිරීම සහ ජනගත කිරීම සදහා සහ ළමා පරපුර ක්‍රීඩාව වෙත යොමු කිරීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් ඉදිරියේදී දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya