අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘රෝඩ් ටු ඔලිම්පික්ස්’ වැඩසටහන අද සිට

    ඔක්තෝබර් 02, 2020

    ක්‍රීඩා සංවර්ධනය තුළින් ආසියාවේ අභිමානය බවට පත්වීමේ දැක්ම සහ 2028 ඔලිම්පික් තරගාවලිය අරමුණු කර ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව ක්‍රියාත්මක කරන ‘රෝඩ් ටු ඔලිම්පික්ස්’ වැඩසටහන අද (02) සිට ආරම්භ වන අතර එහි ප්‍රධාන උත්සවය අද පෙරවරුවේදී පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

     

    ජාත්‍යන්තර ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා වඩාත් විද්‍යාත්මක ක්‍රමවේදයක් වන ක්‍රීඩකයින් හඳුනාගෙන ඔවුන් සංවර්ධනය කිරීමේ අභිලාශය සමගින් ඇරැඹෙන මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 22 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වේ. එක් අධ්‍යාපන කලාපයකින් වයස අවුරුදු 12 ක පාසල් ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් 25 ක් බැගින් වන සේ සමස්ත දිස්ත්‍රික්කවලින් 1100ක් තෝරාගෙන මෙම වැඩසටහන දියත් කරනු ලැබේ. සහජ දක්ෂතා වලින් හෙබි, පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ දක්ෂතා වර්ධනය කර, ජාත්‍යන්තර තලයේ තරග ජයග්‍රහණ අත්කරදීමේ පරමාර්ථයෙන් පියවර ගෙන ඇත.

    මෙම ව්‍යපෘතිය සඳහා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, කලාප ක්‍රීඩා අධ්‍යක්ෂ, තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පාසල්වල විදුහල්පතිවරුන්, දිස්ත්‍රික් ක්‍රීඩා සංවර්ධන නිලධාරී - ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා දෙමාපියන් සහභාගි වේ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya