මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් පවත්වන චලන කුසළතා වැඩසටහනක්

    සැප්තැම්බර් 30, 2020

    ශ්‍රී ලංකාවේ නිරෝගී සහ සෞඛ්‍ය සම්පන්න ළමා පරපුරක් බිහි කිරීමේ මූලික අරමුණු පෙරදැරි කරගෙන ක්‍රීඩාවන් සදහා පාසල් ළමුන් තුළ පෙළඹවීමක්, ආකර්ෂණයක් ඇති කරලීමට ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවට සමගාමීව ජාත්‍යන්තර ළමා දිනය නිමිත්තෙන් චලන කුසලතා සංවර්ධන වැඩසටහනක් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30 ) දින පෙ.ව.8.00 සිට 10.30 දක්වා කොළඹ ටොරින්ටන්හි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

     ක්‍රීඩා අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව ක්‍රීඩාව නව්‍යකරණය කිරීම සහ ජනගත කිරීම සදහා සහ ළමා පරපුර ක්‍රීඩාව වෙත යොමු කිරීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන සංවිධානය කර පවත්වනු ලැබේ.

     

    මෙම වැඩසටහන සදහා පාසල් 11 ක දරුවන් 500 දෙනෙක් සහභාගී වේ. එදින සහභාගීවන සෑම දරුවෙක් සදහාම ළමා දිනය වෙනුවෙන් නිර්මාණය කළ විශේෂ ජර්සියක් ලබා දීම හා තිළිණ ප්‍රදානයක් සිදු කෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya