මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    55 වන යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟාවලිය - 2020

    සැප්තැම්බර් 26, 2020

    දිවයිනේ ප්‍රසිද්ධ මාර්ග ධාවන තරඟාවලියක් වන යුද්ධ හමුදා මාර්ග ධාවන තරඟාවලිය මෙවරත් 2020 සැප්තැම්බර් මස 26 වන දින 05.45 පැයට ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුලස්ථානය අසලින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇත.

    යුද්ධ හමුදා මුලස්ථාන මළල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරනු ලබන මෙම තරඟය සඳහා ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ මැරතන් තරඟ ජයග්‍රහණය කළ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් රැසක් මෙවර තරඟ වැදීමට නියමිතව ඇත.
    මෙම තරඟය යුද්ධ හමුදා මුලස්ථාන පරිශ්‍රය අසලින් ආරම්භ කර පර්ලිමේන්තු වටරවුම බත්තරමුල්ල, මාලඹේ, අතුරුගිරිය, ගොඩගම, හයි‍ලෙවෙල් පාර ඔස්සේ බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන දොරටුවෙන් ඇතුළුවී යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල අසලින් අවසන් කිරීමට නියමිතව ඇත.
    55 වන වරටත් සංවිධානය කරනු ලබන මෙම තරඟය යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටු සභාපති මෙන්ම යුද්ධ හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් හරේන්ද්‍ර රණසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 200 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya