අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හෙට්ටිපොල නගරයේ බිත්තර විකුණූ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූර හා මළල ක්‍රීඩාකයා ක්‍රීඩා ඇමැති හමුවෙයි

    සැප්තැම්බර් 04, 2020

    ආර්ථික අපහසුතා මධ්‍යයේ සිය දරු පවුල රැක ගැනීම සදහා හෙට්ටිපොල නගරයේ බිත්තර විකුණූ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ශූර හා මළල ක්‍රීඩා හා කබඩි පුහුණුකරුවකු වන චන්දන නිශාන්ත අතපත්තු මහතා අද (03) තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනයෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණියේය.

    එහිදී අමාත්‍යවරයා හමු වූ චන්දන නිශාන්ත ක්‍රීඩකයා ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දිනාගත් ජයග්‍රහණ හා ඒ සදහා තමන් වෙත පිරිනැමුණු පදක්කම් කුසළාන අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලදි.

    චන්දන නිශාන්ත ක්‍රීඩකයාගේ වර්තමාන තත්ත්වය අවබෝධ කරගත් අමාත්‍යවරයා වයඹ ආණ්ඩුකාරවර රාජා කොල්ලුරේ මහතා දුරකතනය මගින් සම්බන්ධකර ගනිමින් මෙම ක්‍රීඩකයා සම්බන්ධව කටයුතු කළ යුතු ආකාරය සාකච්ඡා කරන ලදි. ඒ අනුව අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මීළග බදාදා (09) දින වයඹ ආණ්ඩුකාරතුමා හමුවීමට නියමිතය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya