අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා ඇමති ටොරිංටන් ක්‍රීඩා භෝජනාගාරය නිරීක්ෂණය කරයි

    අගෝස්තු 28, 2020

    තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ටොරින්ටන්හි ක්‍රීඩා නේවාසිකාගාරයේ පිහිටි ක්‍රීඩක භෝජනාගාරය නිරීක්ෂණය කරන ලදි. එම අවස්ථාවට ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් ඒකනායක මහතාද එක් විය.

    ක්‍රීඩාව සදහා ආහාර මගින් ලැබෙන පෝෂණයේ ඇති වැදගත්කම පිළිබදව ක්‍රීඩකයෙක් ලෙස තමා අත්දැකීමෙන් දන්නා බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, වෛද්‍ය උපදෙස් අනුව පෝෂණ ගුණයෙන් පිරි ආහාර පාන නොවැරදීම ක්‍රීඩක ක්‍රිඩිකාවන්ට ලබා දීමට එහි කාර්‍යමණ්ඩලය වෙත උපදෙස් ලබා දෙන ලදි. රට වෙනුවෙන් ක්‍රීඩා කරන ජාතික කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ක්‍රීඩා අමාත්‍යාංශය වෙතින් ලබාදෙන සේවය ගුණාත්මක භාවයෙන් යුතුව ලබා දීමට තමන් උපරිමයෙන් කටයුතු කරන බවත්, එයින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් දිරිමත් වී තමන්ගේ ජයග්‍රාගී ඉලක්ක වෙත යනු ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya