අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ක්‍රීඩාව නංවාලීමේ පළමු අදියර ලෙස ග්‍රාමීය පාසල් සංවර්ධනයට වැඩපිළිවෙලක්

    අගෝස්තු 24, 2020

    පාසල් ක්‍රීඩාව නංවාලීමේ පළමු අදියර ලෙස ග්‍රාමීය පාසල් සංවර්ධනය කරන බවත් ඒ සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

    වීරකැටිය මැදමුලන ධර්මගිරි විහාරස්ථානයේ පසුගියදා පැවති ආගමික උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ක්‍රීඩාව නංවාලීමට රටේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත් පළමුව එම අභියෝගයට සාර්ථකව මුහුණ දිය යුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.රටේ වොලිබෝල් ක්‍රීඩාව නගාසිටුවීමට ගත හැකි සියලු පියවර ගන්නා බවත් ක්‍රීඩාවට යහපත් කාලයක් උදා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අමාත්‍යවරුන්ට ආශිර්වාද කිරීම වෙනුවෙන් මෙම ආගමික උත්සවය සංවිධානය කර තිබුණි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya