මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘Commander’s cup 2020’ වාර්ෂික ගොල්ෆ් තරගාවලියේ නාවික හමුදා ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වයි

    පෙබරවාරි 27, 2020

     

    2020 පෙබරවාරි 22 වන දින ත්‍රිකුණාමලය, චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා ඊගල්ස් ගොල්ෆ් ක්‍රිඩා පිටියේ දී පැවති ‘Commander’s cup 2020’ වාර්ෂික ගොල්ෆ් තරගාවලියේදී නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයින් විශිෂ්ඨ දක්ෂතා දක්වන ලදි.

    ඒ අනුව, මෙම තරගාවලියේ දී ආරක්‍ෂක අංශ කාණ්ඩයේ වැඩිම ලකුණු ප්‍රමාණය වන ලකුණු 35ක් ලබා ගත් නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් හර්ෂ උඩවත්ත මහතා එහි ශූරතාවය සහ දිගුදුර පහරදීමේ ශූරතාවය ද දිනා ගත් අතර, දෙවන ස්ථානය නාවික හමුදාවේ ලුතිනන් කොමාණ්ඩර් රුවන් රත්නායක මහතා විසින් දිනා ගන්නා ලදි. 2018 වර්ෂයේදී මෙම තරඟාවලියේ ශූරතාවය දිනාගත් ලුතිනන් කොමාණ්ඩර් හර්ෂ උඩවත්ත මහතා මෙවරද එම ශූරතාවය දෙවන වරටත් දිනා ගැනීමට සමත්වීම මෙහිදී කැපී පෙනිණි.

    තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය එදිනම සවස චීන වරාය ගුවන් හමුදා කඳවුරෙහි ක්ලබ් හවුස් ඊගල්ස් ගොල්ෆ් ලින්ක් හි පවත්වන ලද අතර,
    ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා සහභාගී වන ලදි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya